Sri Lanka Institute of Tourism and Hotel Management

SLITHM කොළඹ

ඓතිහාසික සන්ධිස්ථාන

ලංකා හෝටල් පාසල හා සංචාරක පාසල යනුවෙන් පෙර හැදින්වු ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) එවක ලංකා සංචාරක මණ්ඩලය විසින් කළමනාකරණය කළ අතර තරුණ පරපුර සංචාරක ව්‍යාපාරය පිළිබද පුහුණු කිරීම පිණිස 1996 පාර්ලිමේන්තු පණතින් ස්ථාපනය කරන ලදි.

මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ මධ්‍ය හා ඉහළ කළමනාකරණය මෙන්ම ශිල්පිය මට්ටමේ පාඨමාලා මගින් ආගන්තුක සත්කාර කර්මාන්ත ස`දහා මිනිස් බලය සැපයීමයි.

එය ආරම්භයේදි 1980 වර්ෂයේ උද්‍යාන පාර, කොළඹ පිහිටුවනු ලැබීය.පසුව නාවල (1994) හා ගල්කිස්ස (1986) පාම් බීච් හෝටලයේදි නැවත පිහිටුවන ලැබීය.

අද මෙම ආයතනය නො.76, ගාලූ පාර, කොළඹ 03 හි පිහිටුවා ඇත. ලංකා හෝටල් පාසල, ශ්‍රී ලංකා සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණ ආයතනය බවට පරිවර්තනය වුයේ 2005 සංචාරක පණත යටතේය.

වර්තමානයේ මෙම ආයතනය ¦ ශිල්පීය, සහතික පත්‍ර, ජාත්‍යන්තර, උසස් හා කළමනාකරන මට්ටමේ පාඨමාලා පවත්වාගෙන යනු ලබයි. ඊට අමතරව, ීඵෑ හා අනෙකුත් විවිධ ආයතන ස`දහා කෙටි කාලීන වැඩ සටහන් පවත්වයි.

Acting Principal/Senior Lecturer : Mr.S.A.Hathurusinghe
E-mail: samanh@slithm.edu.lk

Address: SLITHM, Sirimavo Bandaranaike Memorial Building, No:78,Galle Road, Colombo-03.
Telephone: 0112382210
Fax: 0112382207
Email: info@slithm.edu.lk, registrar@slithm.edu.lk