SLITHM Rathnapura

SLITHM රත්නපුරය

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ රත්නපුර ශාඛාව, සබරගමුව පළාතේ පිහිටා ඇති ප්‍රමුඛ පෙළේ ආගන්තුක සත්කාර, ගමනාගමන හා සංචාරක පාසල වේ. මෙම ශාඛාව 2010 වර්ෂයේ අගෝස්තු 31 වන දින ගරු ජනාධිපති විසින් උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදි. මෙම පළාත් පාසල අනෙකුත් නගරයන්හි සිට පහසුවෙන් ළගා විය හැකි පරිදි ප්‍රධාන නගරයේ කදිම ස්ථානයක පිහිටා ඇත.

රත්නපුර ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය, හෝටල් මෙහෙයුම් කුසලතා, සංචාරක හා ආගන්තුක සත්කාර කර්මාන්තයට දැනුම ලබා දීම පිළිබද අවධානය යොමු කරන අතර නවමු පාඨමාලා ගෝලීය ආගන්තුක සත්කාර පරිපරය වෙනස් කිරීම දෙසට යොමු කර ඇත.

වර්තමානයේ රත්නපුර ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සිසුන් 120 දෙනෙකුට වෘත්තිය සුපශාස්ත්‍රය, හෝටල් අමුත්තන් පිළිගැනීම, අපනශාලා හා බීමහල් සේවාව හා හෝටල් නඩත්තු කිරීම පිළිබද සහතික පත්‍ර මට්ටමේ පාඨමාලා ස`දහා පහසුකම් සැපයීමට සමත් වී ඇත. සන්ධ්‍යා  සැසි වලදි ශිල්පිය මට්ටමේ පාඨමාලා පවත්වාගෙන යාමට ද පාසලට හැකියාව ඇත.

අංග සම්පුර්ණ පුහුණු මුළුතැන්ගෙයක්, පුහුණු ආපනශාලාවක්, සම්පුර්ණ විවේක කාමර, භාෂා මධ්‍යස්ථානයක්, අන්තර්ජාලා හා ඊමේල් පහසුකම් සහිත පරිගණක විද්‍යාගාරයක්, පුස්තකාලයක්, සංචාරක තොරතුරු කුටියක් ආදි පහසුකම් පිරිනමමින් මෙම ශාඛාව රත්නපුර, ආගන්තුක සත්කාර කර්මාන්තයේ විශිෂ්ඨවයේ මධ්‍යස්ථානයක් බවට පත්් වීී ඇත.

Courses offered at Ratnapura SLITHM

  • Certificate Level Course – Hotel Reception
  • Certificate Level Course – Hotel Housekeeping
  • Certificate Level Course – Restaurant & Bar Service
  • Certificate Level Course – Professional Cookery

Craft Level course

  • Hotel Housekeeping
  • Restaurant and Bar
  • Professional Cookery

In addition to the above courses, special tailor made courses can be arranged if required.

Principal : Mr. Kanishka N Jayatunga
E-mail: kanishkaj@slithm.edu.lk

Address: SLITHM, New Town, Colombo Road, Rathnapura.
Telephone: 045 2226464
Fax: 045 2226262