SLITHM Kurunegala

SLITHM කුරුණෑගල

කුරුණෑගල ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කලමනාකරණ ආයතනය 1997 වර්ෂයේහි Kandyan Reach Hotel , නුවර පාර, කුරුණෑගල හිදි තම මෙහෙයුම් ක්‍රියාකාරීත්වය ආරම්භ කල අතර ඉන්පසුව විවිධ ස්ථාන වෙත ගෙන යන ලදි. ඉන් අනතුරුව තාවකාලික අවශ්‍යතාවයන් උදෙසා මෙහි ක්‍රියාකාරීත්වය නතර කරන ලදි.

තරුණ ප්‍රජාවගේ අධ්‍යාපනය උදෙසා ඇති කැමැත්ත සලකා බැලීමේ දි කුරුණෑගල කේන්ද්‍ර ලක්ෂයක් වේ. මධ්‍යස්ථානයක් ලෙස කුරුණෑගල දඹුල්ල, නුවර, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම සහ මීගමුව වැනි ප්‍රදේශ වල සිට පහසුවෙන් ලගා විය හැකග ප්‍රධාන ලෙස මේවා සංචාරක ප්‍රදේශ වේ. මේ සියළු සංචාරක මාර්ග වයඹ පළාත හරහා ගමන් කරයි.

එම නිසා ශ්‍රී ලංකා හෝටල් හා කළමනාකරණ ආයතනය, සංචාරක හා ආගන්තුක සත්කාරය උදෙසා අධ්‍යාපන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරිමට මෙම මහගු අවස්ථාව  උපයෝගි කරගෙන ඇත. කුරුණෑගල ශ්‍රී ලංකා හෝටල් හා කළමනාකරණ ආයතනයේ පළාත් පාසල, වයඹ පළාත් සභාව යටතේ වයඹ සංවර්ධන අධිකාරිය සමග එක්ව නැවත ස්ථාපනය කරන ලදි. කුරුණෑගල බොයගාන මාගුරුඔයවත්තෙහි පාසල පිහිටා ඇත.

අපි අපගේ පළමු කණ්ඩායම සිසුන් 104 දෙනෙකුගෙන් යුක්තව 2015 පෙබරවාරි මාසයේ සහතික පත්‍ර මට්ටමෙන් ආරම්භ කරන ලදි. වර්තමානයේ අපි සංචාරක හා හෝටල් කළමනාකරණ ආගන්තුක සත්කාර කර්මාන්තයට සම්බන්ධ වීමට කැමති තරුණ ප්‍රජාවේ යහපත උදෙසා සහතික පත්  හා ශිල්පීය මට්ටමේ පාඨමාලා පවත්වාගෙන යනු ලබයි.

Ongoing Courses at SLITHM – Kurunagala

Certificate Level Course

  • Professional Cookery
  • Food & Beverage
  • Hotel Reception
  • Hotel Housekeeping

Craft Level Course

  • Professional Cookery
  • Food & Beverage
  • Elementary Level Course

Principal : Mr. G. L. R. C. Jayawardhane
E-mail: riyenziej@slithm.edu.lk

Address: Maguruoya Watta,Boyagane, Kurunagala.
Telephone: 037-2223959
Fax: 037-2223959
Email: kurunegala@slithm.edu.lk