SLITHM Koggala

SLITHM කොග්ගල

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රාජ්‍ය අනුග්‍රාහය ඇති එකම හෝටල් පාසල වන්නේ කොග්ගල ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයයි. ආරම්භයේදී 1992 වර්ෂයේ වැලිගම බේ ඉන් හෝටලයේ පිහිටවන ලද මෙම ආයතනය ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් පිරිනමන ඉහළ ඉල්ලූමක් ඇති පාඨමාලා ස`දහා පහසුකම් සපුරාලීමට හා ශිෂ්‍යයන් ස`දහා ප්‍රමාණවත් පහසුකම් සැපයීම ස`දහා පසුව 2008 වර්ෂයේ කොග්ගලහි ස්ථාපනය කරනු ලදිග

වර්තමානයේ කොග්ගල ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය පරිපුර්ණත්වයෙන් ක්‍රියා කරන අතර සිසුන් 225 ට කළමනාකරණ මට්ටමේ හා ශිල්පිය මට්ටමේ කුසලතා පදනම් කර ගත් පාඨමාලා ස`දහා යොමු කරන, සහතික පත්‍ර පාඨමාලා 4 ක් පිරිනමයි.

පාසල විසින් සිසුන්ට සපයන පහසුකම් සමහරක් පහතින් දැක්වේ.

01. සිසුන් 30 දෙනෙකුට ඉඩ සලසන අංග සම්පුර්ණ පුහුණු මුළුතැන්ගෙය.

02. ආවරණ 40 කින් යුතු පුහුණු ආපනශාලාව

03. උස-සෙ පහසුකම් සහිත පැතලි තිර පරිගණක 23 කින් යුතු පරිගණක විද්‍යාගාරයක්

04. එක් පන්ති කාමරයක සිසුන් 30 දෙනෙකුට ඉඩ සැලසිය හැකි පන්ති කාමර 10ක්

05. අංග සම්පුර්ණ පුස්තකාලයක්

06. විවේක කාමර 02 ක්

07. සම්මන්ත්‍රණ ශාලාව

Principal : Mr.R.D.A.Lenard
E-mail: lenardr@slithm.edu.lk

Address: SLITHM, BOI Project, Koggala, Habaraduwa.
Telephone: 091 2283072/2283073
Fax: 0912283073
E-mail: koggala@slithm.edu.lk