SLITHM Anuradhapura

SLITHM අනුරාධපුර

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් ආයතනයේ අනුරාධපුර පළාත් පාසල 1992 වර්ෂයේ වර්තමාන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි තානායමේ ස්ථාපනය කරන ලදි. පාසල ආරම්භයේදි මුලික මට්ටමේ හෝටල් අමුත්තන් පිළිගැනීම හා හෝටල් නඩත්තුව පිළිබද පමණක් පාඨමාලා පිරිනැමු අතර 1996 වර්ෂයේ සිට මුලික මට්ටමේ වෘත්තිය සුපශාස්ත්‍ර හා අපනශාලා හා බීමහල් පාඨමාලා පිරිනමන ලදි.

පාසල 2005 වර්ෂයේදි වර්තමාන ගොඩනැගිල්ලට ගෙන යන ලද අතර ඵය ඉදිකරන ලද්දේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස අරමුණු කොට ගෙනයග පසුව ඵහි හෝටල් පාසලකට අවශ්‍ය ප්‍රධාන අංගයක් ලෙස පුහුණු මුළුතැන් ගෙයක්, පුහුණු ආපනශාලාවක්, කථීකාචාර්ය ශාලාවක්, පුස්තකාලයක් හා පරිගණක විද්‍යාගාරයක් ආදි අංග ව්‍යාප්ත කරන ලදි.

මෙම පළාත් පාසල උතුරු මැද පළාතේ කොටස්කරුවන් ස`දහා ඉදිකරන ලද්දක් වුවත් එය කුරුණෑගල, පුත්තලම, හලාවත, කුලියාපිටිය ආදි යාබද දිස්ත්‍රික්ක වල ජනතාව ස`දහා ද සේවය සපයා ඇත.

පහසුවෙන් ළගා විය හැකි ළගම නගරයක් වන අනුරාධපුර අලූතෙන් මුදා ගත් නැගෙනහිර හා උතුරු පළාත් යාබදව පිහිටා ඇත. මඩලපුව, අම්පාර, ති්‍රකුණාමලය, වවුනියාව ආදී ප්‍රදේශ වල වෙසෙන රැකියා විරහිත තරුණයන් විශාල සංඛ්‍යාවකට අවශ්‍ය පුහුණුව මෙම පාසල සපයා ඇත. කැකිරාව, ගල්නැව, අනුරාධපුරය හා පොළොන්නරුව ජාතික තරුණ මධ්‍යස්ථාන වලට අනුයුක්ත කර ඇති රේන්ජර්වරු විශාල සංඛ්‍යාවකට ගෘහ පාලනය, ආපන ශාලා හා බීමහල් හා වෘත්තිය සුප ශ්‍රාස්ත්‍ර පිළිබද ඉතා වටිනා පුහුණු අත්දැකිමක් මෙම පළාත් පාසල සපයා ඇත.

මෙම පාසල ශ්‍රී මහා බෝධි මාර්ගයේ, පුජනීය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා අනෙකුත් ආගමික හා පුරාවිද්‍යා ස්ථාන වලට යාබද ව පිහිටා ඇත.

Principal: Mr Lal Senavirathne
E-mail: lals@slithm.edu.lk

Address: SLITHM, Sri Maha Bodhi Mawatha, Anuradhapura.
Telephone: 025 2223315 / 2236667
Fax: 025 2224546
Email:anuradapura@slithm.edu.lk