SLITHM Alumni

CHSGA සංගමය

ලංකා හෝටල් පාසල් උපාධිධාරී සංගමය 1971දී පිහිටුවන ලද අතර 1984 අංක 12 දරන පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාපිත කරන ලදී. ලංකා හෝටල් පාසල් උපාධිධාරී සංගමයෙහි ආරම්භක සභාපති වන්නේ මලින් හපුගොඩ මහතාය.

ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයට සහාය දීමෙන් කර්මාන්තයට සේවය සැපයීම මෙම සංගමයේ ප්‍රධාන අරමුනයි.

හෝටල් කර්මාන්තය දියුණු කිරීමට හා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ප්‍රවර්ධනය කිරීමට බැදුණු දක්ෂ හා කැප වුනු හෝටල් කරුවන්ගෙන් මෙම සංගමය සමන්විත වේ.

ආරම්භයේදී මෙම සංගමය, කර්මාන්තයේ සමපදස්ථයන්ගේ අවිධිමත් රැස්වීමක් විය. නමුත් අද එය වෘත්තීය ආයතනයක් වී ඇත. ලංකා හෝටල් පාසල් උපාධිධාරී සංගමය මගින් සාක්ෂි දරන ආකාරයට, මෙම උද්යෝගී කණ්ඩායම වර්තමාන හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණතාව පිළිබිබූ කරයි.