SLITHM Library

පුස්තකාලය

ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ පුස්තකාලය මගින්  පාඨක තොරතුරු අවශ්‍යතා ඉටුකරනු ලබයි. මෙමගින් පාඨමාලා හදාරනු ලබන සිසුන්ගේ මෙන්ම  ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ කාර්ය මණ්ඩලයේ සහ සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ තොරතුරු සහ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලයි.

මෙම පුස්තකාලය 10,000කට අධික පොත්පත්, 1000කට අධික සංචාරක වාර්තා සහ තෝරාගන්නා ලද වාර ප්‍රකාශන එකතුවකින් සැදුම්ලත් උසස් ගණයේ පුස්තකාලයකි.

පුස්තකාලයේ විශේෂ ග්‍රන්ථ එකතුව, ලෝක සංචාරක සංවිධානයේ (WTO) ප්‍රකාශන, පුහුණු අත්පොත්, සමාගම් වාර්ෂික වාර්තා, වාර ප්‍රකාශන, සංචාරක සංඛ්‍යාලේඛන, සිසුන්ගේ ව්‍යාපෘති වාර්තා සහ වටිනා ශ්‍රී ලාංකික පොත් එකතුවකින් සමන්විතය.

පුස්තකාලය සතියේ දිනවල සාමාන්‍ය වැඩකරන වේලාව තුළ විවෘතව පවතී.(8.30-4.10)

දැක්ම

සංවර්ධනයේ නියමුවෙකු වීම සහ සංචාරක හා සත්කාරක ක්ෂේත්‍රයේ අධ්‍යාපනය සහ පර්යේෂණ උදෙසා අවශ්‍ය ගුණාත්මක තොරතුරු සහ සේවා සැපයීම.

මෙහෙවර

බුද්ධිමය උත්තේජනයක් ලබාදෙන්නා වූ තොරතුරු පරිසරයක් තුළින් ඉගෙනුම්, ඉගැන්වීම් සහ පර්යේෂණ දිරිගැන්වීම උදෙසා එකතුව සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් සැපයීම හා පාඨකයින්ට මගපෙන්වීම හරහා සංචාරක ප්‍රජාවගේ ඉගැන්වීම්, ඉගෙනුම් සහ පර්යේෂණ අවශ්‍යතාවන්ට සහාය වෙමින් පරිපූර්ණ හා පාඨක කේන්ද්‍රීය සම්පත් සහිත ගුණාත්මක පුස්තකාල සේවාවක් සැපයීම.

අරමුණු:

  • මෙරට සංචාරක ක්ෂේත්‍රයට ප්‍රමුඛ අවශ්‍යතාවයක් වන නිල නෛතික ලේඛන සහ අනෙකුත් සංචාරක තොරතුරු පවත්වාගෙන යාම සහ සංරක්ෂණය කිරීම.
  • ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ ඉගෙනුම්, ඉගැන්නුම් හා පර්යේෂණ කාර්යයන් සඳහා අවශ්‍ය කාලීන හා යාවත්කාලීන තොරතුරු පවත්වාගෙන යාම සහ සංරක්ෂණය කිරීම.
  • ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ දේශකයින් සහ සිසුන්ගේ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයන්ට අදාළව දක්ෂතාවන් ඔප් නැංවීමේ අරමුණෙන් තොරතුරු හැකියා සංවර්ධනයට මූලාරම්භයන් සැපයීම.
  • පුස්තකාල හා අධ්‍යයන ප්‍රජා පාර්ශ්වකරුවන්ට අවශ්‍ය පර්යේෂණ හා ඉගෙනුම් පරිසරයක් සකස්කර දීම උදෙසා ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය හා එක්ව කටයුතු කිරීම.
  • ඉගෙනුම්, ඉගැන්නුම් හා පර්යේෂණ කටයුතු ඉටුකරගැනීම සඳහා සුදුසු භෞතිකමය හා තාක්ෂණය මත පදනම් වූ පුස්තකාල යටිතල පහසුකම්  සැලසීම.