National Tourist Guide Training

ජාතික සංචාරක මාර්ගෝපදේශ පුහුණු වැඩසටහන

ජාතික සංචාරක මාර්ගෝපදේශ පුහුණු වැඩසටහන

හැදින්වීම

මෙය මාස 04 ක් පුරා පැවැත්වෙන පාඨමාලාවකි.
සංචාරක මාර්ගෝපදේශ සේවාව යනු, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සියලු ආකාරයේ සංචාරක අවශ්‍යතා සපුරාලීම උදෙසා ඔවුන් අදාළ ස්ථාන කරා රැගෙන යාම හෝ ඔවුන්ට අවශ්‍ය තොරතුරු හා පැහැදිලි කිරීම් ලබාදීම යනාදී සියල්ල ඇතුලත් සේවාවක් යනුවෙන් අර්ථ දක්වා ඇත. සංචාරක මාර්ගෝපදේශ සේවාවේ ඕනෑම සේවා සපයන්නෙකු සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරයෙකු ලෙස නිර්වචනය කර ඇති අතර, ඔවුන්ට එම ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම, ක්‍රියාකාරකම්හි නිරතවීම හෝ සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරයෙකුගේ සේවාවන්හි නියැලීමට හැකියාව ඇති බවට පිළිගෙන ඇත.
සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරයෙකු එනමින් ලියාපදිංචි විය යුතු අතර, ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ඔහුට සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරයෙකු වශයෙන් ශ්‍රී ලංකාව තුළ ඹ්නෑම ස්ථානයක සේවය කිරීම සඳහා අවසර ලබා දෙනු ලැබේ.

අයදුම් කිරීමේ සුදුසුකම්

අ) ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
ආ) ඇතුලත් වීමේ අවම සුදුසුකම්: අ.පො.ස. (සා/පෙළ) විෂයයන් 6ක් සමත්වීම (ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් මගපෙන්වීම් සේවාව ලබාදීමට අදහස් කරන්නේ නම් ඉංග්‍රීසි භාෂාවට අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම අනිවාර්ය වේ.)
ඇ) වයස: අයදුම්කරු අවුරුදු 18 ත් 60 ත් අතර විය යුතුය.

අයදුම් කිරීම සදහා

අයදුම් කිරීම සදහා අවශ්‍ය පෝරමය Download කර ගන්න. රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන්ද මෙය ලබා ගත හැක.

රෙජිස්ට්‍රාර් කාර්යාලය 011-2382210 හරහා අමතා හෝ විද්‍යුත් තැපෑල මගින් registrar@slithm.edu.lk හරහා පාඨමාලා ආරම්භ වන දිනයන් පිලිබඳ විමසන්න