National Diploma In Hospitality Management

සත්කාරක කළමනාකරණ ක්ෂේත්‍රයේ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව

හැඳින්වීම

ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) මගින් මෙහෙයවනු ලබන “සත්කාර කළමනාකරණ ජාතික ඩිප්ලෝමා” පාඨමාලාව අධ්‍යයන වාර 06ක් පුරා දිවෙන වසර 03ක පාඨමාලාවකි. සත්කාරක සේවා හා හෝටල් කළමනාකරණ යන අංශ දෙකම ආවරණය කෙරෙන මෙම ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව හදාරා අවසන්කිරීම තුළින් ඔබට දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද හෝටල් කර්මාන්තයේ රැකියා ලබාගැනීම සඳහා මහෝපකාරී වේ. සත්කාරක සහ සංචාරක කර්මාන්තය තුළ සුදුසුකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බැවින්, එය සැලකිල්ලට ගනිමින් මෙම ඩිප්ලෝමා පාඨමාලාව මගින් ලබාදෙන උසස් මට්ටමේ අධ්‍යාපනික වැඩසටහන් ඔස්සේ හැකියාවන් තවදුරටත් වර්ධනය කරමින්, සත්කාරක කර්මාන්තයේ කණිෂ්ට කළමනාකරණ මට්ටමේ රැකියා වෙත ප්‍රවිශ්ට වීම සඳහා ඔබ වේගවත් මාර්ගයකට ඔසවා තබයි.

මෙම පාඨමාලාවට අදාළ විභාග අධ්‍යයන වාර මට්ටමින් පැවැත්වේ. පාඨමාලාව අධ්‍යයන වාර 06කින් සමන්විත වන අතර, 04 වන අධ්‍යයන වාරය සම්පූර්ණ කිරීම සඳහා මාස 06ක කාලයක් නේවාසික අධ්‍යයනයක නිරත විය යුතු වේ. පළමු (01) අධ්‍යයන වාරයේ සිට (04) හතරවන අධ්‍යයන වාරය දක්වා විභාග පැවැත්වෙන දිනයන් ද ඇතුලත්ව එක් අධ්‍යයන වාරයක්  සති 16ක කාලයක් පුරා පැවැත්වේ.  05 වන සහ 06 වන අධ්‍යයන වාර සති 20ක කාලයක් පුරා පැවැත්වෙන අතර, එක් එක් වාරය අවසානයේ අදාළ විභාග පැවැත්වේ. මෙම පාඨමාලාව මගින් වෘත්තීය සූපවේදය, හෝටල් ගෘහ පාලනය, ඉදිරි කාර්යාල මෙහෙයුම් සහ ආපන ශාලා හා බීමහල් සේවා යනාදී ක්ෂේත්‍ර ආවරණය කෙරේ.

අයදුම් කිරීමේ සුදුසුකම්

  • එක් වරකදී අ.පො.ස (උසස් පෙළ) විභාගයෙන් විෂයයන් 2ක් සමත්වීම හා අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනක දී ඉංග්‍රීසි භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක් ලබා තිබීම හෝ අ.පො.ස (උසස් පෙළ) විභාගයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම.
  • වයස අවුරුදු 18-24 අතර වීම.

අයදුම් කිරීම සදහා

අයදුම් කිරීම සදහා අවශ්‍ය පෝරමය Download කර ගන්න. රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන්ද මෙය ලබා ගත හැක.

රෙජිස්ට්‍රාර් කාර්යාලය 011-2382210 හරහා අමතා හෝ විද්‍යුත් තැපෑල මගින් registrar@slithm.edu.lk හරහා පාඨමාලා ආරම්භ වන දිනයන් පිලිබඳ විමසන්න

How to Apply?

Application Forms can be obtained from following link DOWNLOAD or from Registrars’ Office.

Contact Registrars Office on 011-2382210 or registrar@slithm.edu.lk to obtain information on course commencement dates.

Download Application