Craft Level Course

ශිල්පීය පාඨමාලාව

හැඳින්වීම

මෙම පාඨමාලාවේ අරමුණ වනුයේ සත්කාරක කර්මාන්තයේ ආරම්භක මට්ටමේ රැකියා වෙත ප්‍රවිශ්ට වීම සඳහා නවකයින්ට  අවශ්‍ය මූලික දැනුම හා කුසලතා සහිත පුහුණුවක් ලබාදීමයි. රැකියාව සඳහා අවශ්‍ය ඉංග්‍රීසි දැනුම කේන්ද්‍ර කරගනිමින් ඉතා තියුනු ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදීම සඳහා මෙම පාඨමාලාවේ පළමු සති තුනක (03) කාල සීමාව සම්පූර්ණයෙන් වෙන්කොට ඇත. සතියකට පැය (02) දෙකක ඉංග්‍රීසි භාෂා පංතියක් ද සහිතව රැකියාවේ අනෙකුත් කාර්යයන් හා විනය පිළිබඳ සිද්ධාන්ත සහ ප්‍රායෝගික දැනුම ලබාදීම සඳහා පාඨමාලාවේ ඉතිරි කාල සීමාව වෙන්කොට ඇත. පාඨමාලාවේ සති (11) එකොලහක කාල සීමාව අවසානයේ මෙම පාඨමාලාවට අදාළව සලකා බැලෙන සියළු විෂයයන් සඳහා ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයක් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වනු ලැබේ. පාඨමාලාව සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට සහ සත්කාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ එක් වසරක පළපුරුද්ද ලබාගැනීමට සමත් වන සිසුන් හෝටල් සහ ආහාර පාන සැකසීමේ ඩිප්ලෝමා පාඨමාලාවේ සහතික පත්‍ර පාඨමාලාවට අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලබයි.

හෝටල් හා ආහාර පාන පිළිබඳ ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලාව සඳහා සිසුන් තෝරා ගැනීමේ දී සිද්ධාන්ත හා ප්‍රායෝගික දැනුම පරික්ෂා කිරීමේ පරීක්ෂණයක් පවත්වනු ලැබේ.

පහත දක්වා ඇති විෂයයන් සඳහා ශිල්පීය මට්ටමේ පාඨමාලා පවත්වනු ලැබේ.

  • සූපවේදය.
  • ආපන ශාලා සහ බීමහල් සේවා
  • හෝටල් ගෘහ පාලනය
  • හෝටල් පිලිගැනීමේ සේවා

අයදුම් කිරීමේ සුදුසුකම්

වයස අවුරුදු 17 ට වැඩි විය යුතු අතර, අ.පො.ස. (සා/පෙළ) දක්වා අධ්‍යාපනය හදාරා තිබිය යුතු වේ.

අයදුම් කිරීම සදහා

අයදුම් කිරීම සදහා අවශ්‍ය පෝරමය Download කර ගන්න. රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන්ද මෙය ලබා ගත හැක.

රෙජිස්ට්‍රාර් කාර්යාලය 011-2382210 හරහා අමතා හෝ විද්‍යුත් තැපෑල මගින් registrar@slithm.edu.lk හරහා පාඨමාලා ආරම්භ වන දිනයන් පිලිබඳ විමසන්න

How to Apply?

Application Forms can be obtained from following link DOWNLOAD or from Registrars’ Office.

Contact Registrars Office on 011-2382210 or registrar@slithm.edu.lk to obtain information on course commencement dates.

Download Application