National Tourist Guide Training

සංචාරක රියදුරු මාර්ගෝපදේශක පාඨමාලාව

සංචාරක රියදුරු මාර්ගෝපදේශක පාඨමාලාව

හැඳින්වීම

මෙය මාස 3ක කාල සීමාවක් සඳහා පැවැත්වෙන පාඨමාලාවකි.
සංචාරක මාර්ගෝපදේශ සේවාව යනු, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සියලු ආකාරයේ සංචාරක අවශ්‍යතා සපුරාලීම උදෙසා ඔවුන් අදාළ ස්ථාන කරා රැගෙන යාම හෝ ඔවුන්ට අවශ්‍ය තොරතුරු හා කෙටි පැහැදිලි කිරීම් ලබාදීම යනාදී සියල්ල ඇතුලත් සේවාවක් යනුවෙන් නිර්වචනය කර ඇත. සංචාරක මගපෙන්වීම් සේවාවේ ඕනෑම සේවා සපයන්නෙකු සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරයෙකු ලෙස නිර්වචනය කර ඇති අතර, ඔවුන්ට එම ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම, ක්‍රියාකාරකම්හි නිරතවීම හෝ සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරයෙකුගේ සේවාවන්හි නියැලීමට හැකියාව ඇති බවට පිළිගෙන ඇත.
රථාචාර්ය සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරයෙකු එනමින් ලියාපදිංචි විය යුතු අතර, ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ඔහුට සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවාව සැපයීමට සහ ආසන 7කට නොවැඩි වාහනයක් යොදාගනිමින් ශ්‍රී ලංකාව තුළ ඔනෑම ස්ථානයකට සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා අවසර ලබා දෙනු ලැබේ.

අයදුම් කිරීමේ සුදුසුකම්

අ) ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
ආ) ඇතුලත් වීමේ අවම සුදුසුකම්: අ.පො.ස. (සා/පෙළ) විෂයයන් 6ක් සමත්වීම (ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් මගපෙන්වීමේ සේවාවන් ලබාදීමට අදහස් කරන්නේ නම් ඉංග්‍රීසි භාෂාවට අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම අනිවාර්ය වේ.)
ඇ) වයස: අයදුම්කරු අවුරුදු 18 ත් 60 ත් අතර විය යුතුය.

අයදුම් කිරීම සදහා

අයදුම් කිරීම සදහා අවශ්‍ය පෝරමය Download කර ගන්න. රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන්ද මෙය ලබා ගත හැක.

රෙජිස්ට්‍රාර් කාර්යාලය 011-2382210 හරහා අමතා හෝ විද්‍යුත් තැපෑල මගින් registrar@slithm.edu.lk හරහා පාඨමාලා ආරම්භ වන දිනයන් පිලිබඳ විමසන්න

How to Apply?

Application Forms can be obtained from following link DOWNLOAD or from Registrars’ Office.

Contact Registrars Office on 011-2382210 or registrar@slithm.edu.lk to obtain information on course commencement dates.

Download Application