Housekeeping

හෝටල් ගෘහ පාලනය

ආගන්තුක සත්කාර සේවා සැපයීමේදී ගෘහ පාලනය ඉතා වැදගත් ස්ථානයක් ගන්නා අතර, හෝටල් කර්මාන්තයේ සාර්ථකත්වයට එමගින් ලබාදෙන  පිටුවහල අවතක්සේරු කළ නොහැක.

ගෘහ පාලන කාර්ය මණ්ඩලයක සේවා සැපයීම සහ ගුණාත්මක භාවය අමුත්තන් රැඳී සිටිනා කාලය තුළ ඔවුන්ගේ මතකය තුළ එම සේවා ස්ථානය රඳවාලීමට සමත්වන අතර,  එයට අමතරව ඉතා උසස් තත්වයේ ගෘහ පාලන හැකියාවන් පෙන්නුම් කරන කාමර සැකසීමේ කලාව සහ එහි පිරිසිදුභාවය පවත්වාගැනීම අමුත්තන් තෘප්තිමත් කිරීමට මෙන්ම ඔවුන් නැවත නැවතත් ගෙන්වා ගැනීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන්නකි.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ  පාඨමාලා ප්‍රාථමික මට්ටම, සහතික පත්‍ර මට්ටම සහ අන්තර්මාධ්‍ය මට්ටම වශයෙන් මට්ටම් තුනකින් සමන්විතව,  හෝටල් ගෘහපාලන කර්මාන්තයේ ප්‍රමිති වලට නිසි ආකාරයෙන් සිසුන්ට අනුගත වියහැකි ආකාරයෙන් සකස් කොට ඇත.  දේශීය හා විදේශීය ආගන්තුක සත්කාර සේවා කර්මාන්තයේ රැකියා ලබාගැනීමේ ප්‍රායෝගික දැනුම සහ කුසලතා වර්ධනය කෙරෙන අතර, ආගන්තුක සත්කාර පහසුකම් යටතට ඇතුලත් වන්නා වූ සියළුම අංශ සුපිරිසිදු ආකාරයෙන් පවත්වා ගැනීම පිළිබඳ තාක්ෂණික කරුණු අනුව ගෘහ පාලන මෙහෙයුම් කළමනාකරණය කිරීම, උසස් මට්ටමේ කාර්ය මණ්ඩලයක් පවත්වාගැනීම, සැලසුම් කිරීම සහ සංවිධානය කිරීම පිළිබඳ ක්‍රමානුකූල ප්‍රවේශයක් සහ පුළුල් ආවරණයක්  ලබාදේ.

අපගේ උසස් මට්ටමේ නේවාසික මෙහෙයුම් පාඨමාලා, ගෘහ පාලනය පිළිබඳ මූලික මට්ටමේ දැනුම සහ කුසලතා සහිත ආගන්තුක සත්කාර සේවයේ ඉහල වෘත්තීය මට්ටමේ සුදුසුකම් සපුරා ගැනීමට අපේක්ෂා කරන සිසුන්ගේ අධ්‍යාපනය, පුහුණුව සහ සංවර්ධනය සිදුකෙරෙන ආකාරයෙන් සැලසුම් කොට ඇත.