Pastry

ආධුනිකත්ව පුහුනු පාඨමාලා

සංචාරක සහ ආගන්තුක සත්කාර කර්මාන්තයේ දිනෙන් දින ඉහල යමින් පවතින මිනිස් බල අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය මගින් එක් (01) මසක කාල සීමාවක් සඳහා පහත දක්වා ඇති ආධුනිකත්ව පුහුනු පාඨමාලා පවත්වනු ලබයි.

  • ආපනශාලා සහ බීම කවුන්ටර සේවා, පිලිගැනීමේ සේවා, ගෘහපාලනය
  • මුළුතැන්ගෙයි සහායක
  • ලොන්ඩරි සහායක
  • පේස්ට්‍රි සහ බේකරි

ඉහත පාඨමාලා පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වනුයේ එකී කර්මාන්ත අවශ්‍යතා සපුරාලීම සඳහා සාමාන්‍ය මට්ටමේ සුදුසුකම්වලට වඩා අඩු සුදුසුකම් ඇති අය සඳහා කුසලතා මට්ටමින් රැකියා නිර්මාණය කිරීමයි.  එමෙන්ම මෙම වැඩසටහන සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් ද හඳුන්වා දී ඇත.

ඉහත පුහුනු වැඩසටහන් මගින් පුහුණුව ලබන්නන් ආපනශාලා සහ බීම කවුන්ටර්, මුළුතැන්ගෙයි කාර්යයන්, ගෘහ පාලනය සහ ඉදිරි කාර්යාලවල සේවයේ යොදවා ගැනීමට අරමුණු කර ඇති අතර, ඔවුන් පසුකාලීනව හෝටල්වල පුහුනුලාභීන් වශයෙන් යෙදවීමට ද අපේක්ෂා කෙරේ.

අයදුම් කිරීම සදහා

අයදුම් කිරීම සදහා අවශ්‍ය පෝරමය Download කර ගන්න. රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන්ද මෙය ලබා ගත හැක.

රෙජිස්ට්‍රාර් කාර්යාලය 011-2382210 හරහා අමතා හෝ විද්‍යුත් තැපෑල මගින් registrar@slithm.edu.lk හරහා පාඨමාලා ආරම්භ වන දිනයන් පිලිබඳ විමසන්න