The Samudra Hotel

සමුද්‍රා හෝටලය

සමුද්‍රා හෝටලය ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය මගින් පවත්වාගෙන යනු ලබන අතර, ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ ප්‍රායෝගික පුහුණු කටයුතු මෙහි සිදු කෙරේ. මෙය කොළඹ නගර මධ්‍යයේ, ගාලු පාර, කොළඹ 03 යන  ලිපිනයෙහි මනස්කාන්ත සාගරය දෙසට මුහුණ ලා ඇති අතර, කොළඹ ව්‍යාපාරික මර්මස්ථානයේ සිට විනාඩි කිහිපයකින් ලඟාවිය හැකි දුරින් පිහිටා ඇති ඇති හෙයින්,  මෙම හෝටලය ව්‍යාපාරික කටයුතු සඳහා සත්කාරක මධ්‍යස්ථානය වශයෙන් හඳුන්වනු ලබයි.

තවද, මෙම හෝටලය ඉතා සාධාරණ මිල ගණන් යටතේ පාලනය වන සුඛෝපභෝගී, සියළු අංගයන්ගෙන් සමන්විත කාමර 10කින් සමන්විත වන අතර, එක් පෙළකට සුඛෝපභෝගී කාමර 02ක් සහ කුඩා මුළුතැන්ගෙයකින් සමන්විතය.

මොනාරා ආපන ශාලාව මගින් තරු පංතියේ සේවාවක් සහ ඉහල පෙලේ ඉවුම් පිහුම් සමගින් සපයනු ලබන රාත්‍රී භෝජන සත්කාරය උපරිම මට්ටමේ අත්දැකීමක් හා උත්කෘෂ්ට රසාස්වාදයක සංයෝජනයකි. දිගු හා වෙහෙසෙකර දවසක අවසානයේ ඔබගේ මනෝභාවයන් ශක්තිමත් කරමින්, නැවත ප්‍රබෝධමත් කරන අතරම, විවේකී  රසාස්වාදයක් මතුකර ගැනීමට මොනාරා ආපන ශාලාව මගපාදයි.

තාහීර් ශ්‍රවනාගාරය මගින් නගරය තුළ පැවැත්වෙන සියළුම වර්ගයේ සම්මන්ත්‍රණ හෝ ව්‍යාපාරික රැස්වීම් සඳහා අවශ්‍ය සියළු පහසුකම් සපයනු ලබයි.

Download Brouchere

Contact Details

Address:   No 78, Galle Road, Colombo 03,
TelNo:       011-2382212-14
Email:       rmsamudra@slithm.edu.lk
Web:         www.slithm.edu.lk