Pastry

පේස්ට්‍රි සහ බේකරි

හැඳින්වීම

පේස්ට්‍රි සහ බේකරි නිශ්පාදන පිළිබඳ මාස 03ක මූලික පාඨමාලාවක් වන මෙය, නවකයින්ට කර්මාන්තයේ නියැලීමට අවශ්‍ය නිපුණතාවන් වර්ධනය වන අන්දමේ පුහුණුවක් ලබාදී, සත්කාරක කර්මාන්තයේ ප්‍රාථමික මට්ටමේ රැකියා ලබාගැනීම සඳහා දොරගුළු විවර කරදෙයි.

පේස්ට්‍රි සහ බේකරි නිශ්පාදන, ආහාර ස්වස්ථතාව සහ පුද්ගල හා වෘත්තීයමය සංවර්ධනය පිළිබඳ හැඳින්වීම මෙහි ප්‍රධාන මාතෘකා අතරට ගැනෙන අතර, මෙම මාතෘකා සාකච්ඡාවට ගැනීමේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් බහුල වශයෙන් යොදාගනු ලබයි.

පාඨමාලාව වසරක් පුරා (වසරකට සැසිවාර 04ක්)  පැවැත්වෙන අතර, එය සාර්ථකව අවසන් කිරීම තුළින් පේස්ට්‍රි සූපවේදීන්, බේකරිකරුවන්, රසකැවිලි නිශ්පාදකයින් සහ ව්‍යවසායකයින් වශයෙන් වගකිව යුතු රැකියාවල නියුක්ත වීම සඳහා ඔවුන්ට ආත්ම විශ්වාසයක් ගොඩනගාගත හැකි වේ. හෝටල්, ආපනශාලා, ක්ෂණික ආහාර වෙළඳසැල් සහ ආහාර බෙදාහැරීමේ ආයතන අතර ඉහත කී තනතුරු සඳහා අධික ඉල්ලුමක් පැවතීම මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් ලබාගත හැකි සුවිශාල වාසියක් වේ.

අයදුම් කිරීමේ සුදුසුකම්

A) අ.පො.ස.(සා/පෙළ) දක්වා අධ්‍යාපනය හදාරා තිබීම

B) වයස අවුරුදු 18-25ත් අතර වීම

අයදුම් කිරීම සදහා

අයදුම් කිරීම සදහා අවශ්‍ය පෝරමය Download කර ගන්න. රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන්ද මෙය ලබා ගත හැක.

රෙජිස්ට්‍රාර් කාර්යාලය 011-2382210 හරහා අමතා හෝ විද්‍යුත් තැපෑල මගින් registrar@slithm.edu.lk හරහා පාඨමාලා ආරම්භ වන දිනයන් පිලිබඳ විමසන්න

How to Apply?

Application Forms can be obtained from following link DOWNLOAD or from Registrars’ Office.

Contact Registrars Office on 011-2382210 or registrar@slithm.edu.lk to obtain information on course commencement dates.

Download Application