Front Office Training

අමුත්තන් පිළිගැනීමේ කළමනාකරණය

හෝටලයක ඉදිරි කාර්යාලය යනු එහි මධ්‍ය කේන්ද්‍රය ලෙස සැලකෙන අතර එයට ආලින්දය, පිලිගැනීමේ කවුන්ටරය, ආගන්තුක සහාය සේවක,  ඇමතුම් විමර්ශන කුටිය, අයකැමි යනාදී කොටස් අයත් වේ. මහා පරිමාණ හෝටල් තුළ පවතින ඉදිරි කාර්යාල මගින් වෙන්කරවා ගැනීම්, කාමර ලබාදීම, අමුත්තන් ලියාපදිංචිය, පැමිණෙන්නන්ගේ තොරතුරු තබාගැනීම, අමුත්තන්ගේ අවශ්‍යතා සහ අමුත්තන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ යොමුකිරීම්, ආහාර සැලසුම් වාර්තා සකස්කිරීම්, වෙන්කිරීම් අවලංගු කිරීම සහ ඉවත්කිරීම සහ පිටවීම් පිළිබඳ සටහන් තබාගැනීම යනාදී කාර්යයන් ද ඉටුකරනු ලැබේ. හෝටලයේ වඩාත්ම කැපී පෙනෙන අංශය වන ඉදිරි කාර්යාලය හෝටලය පිළිබඳ මුල්ම අදහස පාරිභෝගිකයාට ලබාදෙන අතර, අමුත්තන් රඳවා ගැනීම උදෙසා පසුබිම සකසා දෙනු ලබයි.

ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ ඉදිරි කාර්යාල කළමනාකරණ පාඨමාලා මගින්  හෝටල් ඉදිරි කාර්යාල මෙහෙයුම් ඉටුකිරීම සඳහා වඩාත් ගැලපෙන තාක්ෂණික සහ සමාජයීය නිපුණතා  තම සිසුන්ටලබාදේ. වසර 3 කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව යටතේ ලියාපදිංචි වන සිසුන්ට ඉදිරි කාර්යාල සේවා පිළිබඳ මූලික දැනුම මෙන්ම අදාළ නිශ්පාදන ස්වභාවයන් සහ සන්නිවේදන ආචාර ධර්ම පිලිබඳ දැනුම ලබාදෙන අතර,  ඉදිරි කාර්යාල සහ පසු කාර්යාල අතර නිවැරදි අන්දමින් සේවාවන් පවත්වාගෙන යාම සහතික කිරීම උදෙසා මූලික පද්ධතියට අදාළ සියලුම ක්‍රියා පටිපාටි පිලිබඳ  දැනුම ලබාදේ. එමෙන්ම මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීම තුළින් තරු පංතියේ හෝටල්වල කණිෂ්ඨ කළමනාකරණ මට්ටමේ තනතුරු ලබාගැනීමට ද  අවස්ථාව සැලසේ.

සේවා අවස්ථාවන් අතරට මෙවැනි තනතුරු ද අයත් වේ:

  • ඉදිරි කාර්යාල කළමනාකරු
  • ආලින්ද කළමනාකරු
  • වෙන්කිරීම් කළමනාකරු