Food and Beverage

ආපන ශාලා සහ අවන්හල් සේවා කළමණාකරණය

කාර්ය මණ්ඩල සාමාජිකයින් වශයෙන් හෝ පාරිභෝගිකයින් වශයෙන් අප සැවොම ආහාර සහ බීම කර්මාන්තය පිළිබඳ රුචියක් ඇත්තෝ වෙමු. ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය මගින් මෙම කර්මාන්තය පිළිබඳ මනා  අවබෝධයක් ලබාගැනීමට සහ ආපනශාලා, හෝටල්, තැබෑරුම් හෝ ගිමන්හල් යනාදියෙහි රැකියා සඳහා අවශ්‍ය නිපුණතාව ලබාගැනීමට හැකිවන ආකාරයෙන්  ආහාර සහ බීම වර්ග පිළිබඳ පාඨමාලා සම්පාදනය කොට ඇත.

මූලික සේවා ප්‍රතිපත්ති හඳුන්වා දීම සහ අමුත්තන්ගේ අවශ්‍යතා ඉක්මවා යන්නා වූ සේවා සැපයීමේ වැදගත්කම අවධාරණය කෙරෙන අතරතුර, ආහාර සේවා මෙහෙයුම් ඵලදායී අන්දමින් කළමනාකරණය  කිරීම පිළිබඳ දැනුම මෙමගින් සිසුන්ට ලබාදේ.

ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ ආහාර සහ බීම සේවා පිළිබඳ කෙටිකාලීන පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලාවල පුහුණුවීම් තුළින් ලබාදෙන්නා වූ වඩාත් ප්‍රායෝගික ප්‍රවේශය මගින් මෙම සත්කාරක කර්මාන්තයේ පවතින්නා වූ මට්ටම් 3ක එනම්; මෙහෙයුම් ශ්‍රේණියේ රැකියා, අධීක්ෂණ ශ්‍රේණියේ රැකියා සහ කණිෂ්ඨ කළමනාකරණ ශ්‍රේණියේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා සිසුන් හැඩගස්වනු ලබයි.

අප පාඨමාලා තුළින් ඔබ ලබාගන්නා නිපුණතාවයන් ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක රැකියා අවස්ථා උදාකර ගැනීම සඳහා සහාය වීමට ඔබ සමග රැඳෙනු ඇත. සත්කාරක කර්මාන්තයේ ඉතා ඉහලින්ම අපේක්ෂා කරන්නා වූ උසස් තත්වයේ සේවාවක් සැපයීම උදෙසා ඕනෑම වගකීමක් පැවරිය හැකි, ප්‍රවීන කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා ගැනීම පිළිබඳව හෝටල් සහ ආපන ශාලා සෑම විටම දැඩි උනන්දුවක් දක්වයි.

සේවා අවස්ථාවන් අතර මෙවැනි තනතුරු ද වේ:

  • ආහාර සහ බීම විධායක
  • ආහාර සහ බීම කළමනාකරු