Cookery

සූපවේදය

ඔබ ඉවුම් පිහුම් කලාව පිළිබඳ උද්යෝගයකින් පසුවන්නේ ද?  එසේම මුළුතැන්ගෙයි කටයුතු කෙරෙහි ඇල්මක් දක්වන්නේ ද? එසේනම් ඉවුම් පිහුම් ක්ෂේත්‍රයේ ලාභදායී රැකියා අවස්ථා උදාකර ගැනීම උදෙසා ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය මගින් සකසා ඇති ඉවුම් පිහුම් පිළිබඳ වෘත්තීය පාඨමාලා ඒ සඳහා ඔබට ශක්තිමත් පදනමක් සකසා දෙනු ඇත.

මෙම පාඨමාලා මගින් ඔබට විවිධ රටවලට ආවේණික සියළුම වර්ගයේ ආහාර පාන සැකසීම පිළිබඳ දැනුම පමණක් නොව, විශේෂයෙන් හෝටල් සහ ආපන ශාලාවල අනෙකුත් අංශවලට සාපේක්ෂව මුළුතැන්ගෙයි ක්‍රියාකාරීත්වය පිළිබඳ මනා දැනුමක් ලබාදෙන අතරම, දේශීය හා විදේශීය වෙළඳපොල තුල පාරිභෝගික අවශ්‍යතා සහ පවතින ඉල්ලුම මෙන්ම කළාපීය සංචාරක කේන්ද්‍රස්ථාන පිළිබඳ දැනුමක් ද ලබා දේ.