SLITHM Food

අයදුම් කිරීමේ ක්‍රමවේදය

දින සහ අවසාන දින

ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ  (SLITHM) පාඨමාලා වාර්ෂිකව ජනවාරි සහ ජූලි මාසවලදී ආරම්භ කෙරේ. SLITHM හි පාඨමාලා හැදෑරීම සඳහා සීමිත පිරිසකට පමණක් ඉඩප්‍රස්ථා හිමිවන බැවින්, මේ සඳහා කැමැත්තක් දක්වන සිසුන්ට තේරීමේ අවස්ථා හිමිකර ගැනීම සඳහා කල්වේලා ඇතිව අයදුම් කිරීමට උපදෙස් දෙනු ලැබේ. සුදුසුකම් සහිත සිසුන් සිය අධ්‍යාපන සුදුසුකම්, අභිමත ක්‍රියාකාරකම්, සේවා පළපුරුද්ද (ඇත්නම්) අමතර ක්‍රියාකාරකම්  ඇතුලත් සම්පූර්ණ ජීව දත්ත තොරතුරු සහ නිර්දේශිත ලිපියක්ද සහිතව SLITHM හි අයදුම්පත් භාරගන්නා කාර්යාලයට භාරදිය යුතුය.

අයදුම් කළයුත්තේ කෙසේද?

අයදුම්පත් බාගත කරගැනීම

අයදුම්පත් මෙම වෙබ් පිටුවෙන් බාගත කරගැනීමට හෝ ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ  කොළඹ කාර්යාලය සහ දිවයින පුරා විසිරී පවතින පළාත් අධ්‍යාපන ආයතන මගින් ලබාගැනීමට හැකිය. අදාළ සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් ලිඛිත පරීක්ෂණයකට සහ සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබේ. එසේ තෝරාගනු ලබන සිසුන් ඇතුලත් වීමේ ගාස්තු සහ පාඨමාලා ගාස්තු ගෙවීමෙන් පසුව පාඨමාලාව සඳහා ලියාපදිංචි කරනු ලැබේ.

ඔබට පහත සඳහන් පියවර අනුගමනය කළහැක:

පියවර 1- අයදුම් පත

ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ අයදුම් පත සම්පූර්ණ කොට කොළඹ හෝ පළාත් අධ්‍යාපන ආයතනවල විදුහල්පතිවරුන් වෙත භාර දීමට හෝ කොළඹ  SLITHM ලියාපදිංචි කාර්යාලය වෙත භාරදිය යුතුය

(In certain instances, registration forms may have to be sent to SLITHM via Registered Post if mentioned on course advertisements for new intakes.)

පියවර 2 – සම්මුඛ පරීක්ෂණය

පසුව සුදුසු අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ.

පියවර 3 –  ස්ථිර කිරීමේ ලිපිය සහ ගාස්තු ගෙවීම්

ඔබගේ අයදුම්පත පිලිගත හැකි නම් හා ඔබ තෝරාගෙන ඇත්නම්, ආයතනය විසින් ඔබ තෝරාගෙන ඇති පාඨමාලාව පිළිබඳව සහතික කෙරෙන ලිපියක් ඔබ වෙත යොමු කරනු ලැබේ. පාඨමාලා සඳහා ගෙවීම් කිරීමේදී එම ලිපිය ඔබ විසින් අයකැමි වෙත ඉදිරිපත් කළයුතු වේ.  ඔබගේ පාඨමාලාව පැවැත්වෙන කාල සීමාව අනුව ඔබට පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් සලසා ඇත.

Notice