• Mocktail Competition
Welcome to SLITHM

SLITHM වෙත සාදරයෙන් පිළිගනිමු

තරගකාරී ආගන්තුක සත්කාර හා සංචාරක ක්ෂේත්‍රයේ තරුණ තරුණයින් පුහුණු කිරීම සදහා රජය විසින් 1964 දී ස්ථාපිත කරන ලද “ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය”, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය විසින් කළමනාකරණය කරන,රජයේ එකම අනුමත හා ප්‍රමුඛතම ආයතනයයි. තවදුරටත්, දිවයින පුරා සිසුන් හට පහසුකම් සැපයීම සදහා අනුරාධපුර, බණ්ඩාරවෙල, පල්ලෙකැලේ, කොග්ගල, රත්නපුර හා කුරුණෑගල යන නගර වල ප්‍රදේශික මධ්‍යස්ථාන පිහිටුවා ඇත.

ආයතනය පිළිබද

සංචාරක හා හෝටල් කළමණාකරණ පාඨමාලා

විෂය ක්ෂේත්‍ර

Front Office

අමුත්තන් පිළිගැනීම

හෝටලයක ඉදිරි කාර්යාලය යනු එහි මධ්‍ය කේන්ද්‍රය ලෙස සැලකෙන අතර එයට ආලින්දය, පිලිගැනීමේ කවුන්ටරය, ආගන්තුක සහාය සේවක, ඇමතුම් විමර්ශන කුටිය, අයකැමි යනාදී කොටස් අයත් වේ.

more details

සූපවේදය

ඔබ ඉවුම් පිහුම් කලාව පිළිබඳ උද්යෝගයකින් පසුවන්නේ ද? එසේම මුළුතැන්ගෙයි කටයුතු කෙරෙහි ඇල්මක් දක්වන්නේ ද? එසේනම් ඉවුම් පිහුම් ක්ෂේත්‍රයේ ලාභදායී රැකියා අවස්ථා උදාකර ගැනීම උදෙසා ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය මගින් සකසා ඇති ඉවුම් පිහුම් පිළිබඳ වෘත්තීය පාඨමාලා ඒ සඳහා ඔබට ශක්තිමත් පදනමක් සකසා දෙනු ඇත.

more details

Food & Beverage

අවන්හල් සේවා කළමනාකරණය

කාර්ය මණ්ඩල සාමාජිකයින් වශයෙන් හෝ පාරිභෝගිකයින් වශයෙන් අප සැවොම ආහාර සහ බීම කර්මාන්තය පිළිබඳ රුචියක් ඇත්තෝ වෙමු. ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය මගින් මෙම කර්මාන්තය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට සහ ආපනශාලා, හෝටල්, තැබෑරුම් හෝ ගිමන්හල් යනාදියෙහි රැකියා සඳහා අවශ්‍ය නිපුණතාව ලබාගැනීමට හැකිවන ආකාරයෙන් ආහාර සහ බීම වර්ග පිළිබඳ පාඨමාලා සම්පාදනය කොට ඇත.

more details

හෝටල් ගෘහපාලනය

ගෘහ පාලන කාර්ය මණ්ඩලයක සේවා සැපයීම සහ ගුණාත්මක භාවය අමුත්තන් රැඳී සිටිනා කාලය තුළ ඔවුන්ගේ මතකය තුළ එම සේවා ස්ථානය රඳවාලීමට සමත්වන අතර, එයට අමතරව ඉතා උසස් තත්වයේ ගෘහ පාලන හැකියාවන් පෙන්නුම් කරන කාමර සැකසීමේ කලාව සහ එහි පිරිසිදුභාවය පවත්වාගැනීම අමුත්තන් තෘප්තිමත් කිරීමට මෙන්ම ඔවුන් නැවත නැවතත් ගෙන්වා ගැනීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන්නකි.

more details

SLITHM News & Events

Life @ SLITHM

 

Applications are called for Intermediate-Level-Courses